Friday, November 16, 2012

කෙටි කතාවක් 05

                        "ඉන්න , මම ඔයාට තේකක් ගේන්නම් "

                   මෙච්චර වෙලා මගේ මුනවත් නොබලා කතාකරපු සමීර එක පාරට මා දිහා බැලුවා . ඒ ඇස් වල තිබුන ප්‍රශ්නෙට උත්තර දෙන්න තරම් මට  ඒ වෙනක්කොට හයියක් තිබුනේ නෑ .ඔයාගේ වචන වලින් මගේ කන් දෙකම පිරිලා තිබුනේ. මම හෙමිට  නැගිටලා කුස්සියට අවා. 

Thursday, November 8, 2012

කෙටි කතාවක් 04

            හතර අතේ ඉල්ලුම්පත්‍ර දාපු රස්සා වලින් ඉන්ටවිව් කතා කරන්නෙත් බස්  එකේ තියා  පයින් යන්නවත් රුපියල් 100ක් හොයාගන්න බැරි වෙලාවක. කොල් එක ආව ගමන්  මම බැලුවේ කට ඇරගෙන මගේ  මුණ දිහා බලාගෙන ඉන්න අම්මා දිහා.අප්පච්චි හැමදාමත් වගේ සද්ද නැතුව ටීවී එක දිහා බලාගෙන හිටියා.

        

Sunday, October 7, 2012

කෙටි කතාවක් 03

                 හරි තදේට ඉර පයලා .අතේ තිබුණ කුඩේ අරන් ඉරේන් බේරෙන්න දිගැර ගත්තට ඒ පුංචි කුඩේට බැරි උනා ඉරත් එක්ක හැප්පෙන්න .කොහොමත් මේ ගෙන්දගම් පොළවෙන් මගේ ඔලුවට වැටෙන සැර කවදත් මට දරාගන්න අමාරු උනා. අන්තිමට ඇහේ කැක්කුමකුත් හැදිලම තමයි ඒ රස්නිය  කෙලවර උනේ .


මට රිදෙනවා

"දන්නේ නැ මම , දැනුනේ නැ මට 
ඔය නෙතු මට පෙම් කෙරුව තරම් 
දැනුනේ නැ නුබ මා ලග හිටිය තරම් 
දන්නේ නැ අද මා  නුබ සොයන තරම් 

නෙතු වැසෙනා හැම මොහොතම
නුබ නමින්ම අද මා ලීවත් 
ඊයේ මතකය ඇස් කොනකින් වැටුනා 
අද මා ලග නුබ නොමැති නිසා 

අසම්මතයේ නුබ රැදවූ වරදට 
දඩුවම් එපා තවත් මට රිදෙනවා 
පතන්න බෑ මට නුබ මා සතු වෙන්නයි 
නුබේ ලොවෙන් මා මැකුණු නිසා ..."

-ෂදී-

Friday, October 5, 2012

ඔබ ගියදා ......

" ඔබ ගියදා මා අවුලා
හිත හැඩුවා ඔබ නැ කියා
සඳ සෙවුවා මා රහසේ
නිල්  අහසේ මහා අදුරේ

එක රාත්‍රියක නුබ මගේම වෙලා
උදෑසනම ඔබ අන්සතු වුවා
තරු කැටයක් කඩාවැටී
මගේ හද මඩලම ගිනිගත්තා

දැවී දැවී මා තවත් දැවෙනවා
ගිනියම් හීනයේ නුබව පෙනිලා
ප්‍රේමයේ වියලුනු ස්වරයේ
ඉවසන්න බැ නුබ තවම ඉන්නවා "
-ෂදී-

Saturday, September 29, 2012

ගුරු පත්වීම

"ඉගෙනගත්
සියල්ල
අමතකව ගියපසු
රජයෙන් ලබාදෙන
පත්වීමයි .... "

-ෂදී-

Wednesday, September 5, 2012

කෙටි කතාවක් ...02

      මම මේ දකින්න හදන්නේ හීනයක්ද? තව ටික වෙලාවකින් මම යන්න හදන්නේ තව කාලයක් ගිහින් හොදට සල්ලි ටිකක් හම්බකරගෙන යන්න හිතපු තැනකට නේද? හීනෙකින්වත් හිතුවේ නැ අතේ සතයක් නැතුවම ඒ දවස ලං වෙයි කියලා.මුළු හදවත පුරාම සතුටක් ගලනවා වගේ දැනෙන්න පටන්ගත්තේ හීනියට දාපු දඩියකුත් එක්ක.

Monday, September 3, 2012

අවකාශ ගත වුණා....


කදුළු බිංදුව මගේ 
නොවටිනා දැසට පැමිණ 
අවකාශ ගත වුණා
හිස් අහසේ.... 

රිදුනු පපුවක වේදනාව 
උණුසුම් ගතින් දියවුණ 
කළුපාට දහවලක 
හිරි වැටහුණු ඇස් පිහාටුව ගිලිහුණා

පය රැදුණු පොළව මතින් 
සිත රැදුණු අහස වෙත 
ඉගිලී ගියා සුදු පාට ආත්මය 
ආදරයක් සොයාගෙන .....
-ෂදී -


    

සොයමි මා...


පාවෙන්න ඇතටම ඇතට
ඉකි ගසන හැන්දෑව පසුකර 
සීතල රාත්‍රියක තනිවෙන්න
නිසල හදවත් උරුම වෙන්නට ....

තිබුණු හීනයේ කලුපාට අතරින් 
පරවුණු සඳ එළිය පොරවාගන්නට
දෙන්න පාවෙලා යන්න වරමක් 
ජිවිතයේ පාට දකින්නට ....

නැතිවූ සියල්ල අමතක කර 
නුබ සොයා එන ගමනට 
සෙවනැල්ලක් වත් නැතිද 
පාර කියන්නට .....

-ෂදී -

හිදිනු එපා ගොලුවී තවත් ....


ඇවිද යන්නට මහා පොළව උඩ 
හුස්ම ගන්නට ජිවිතයෙන් 
වරක් එක වතාවක් 
කියන්න ආදරෙයි කියා...  

නොකිය කියූ නුබේ හසරල්ලක
ජිවිතයම ලියා තැබූ වැහි බිංදුවක
වදනක් නොමැති ආදර කවක 
සගවා තබමි මා සෙවනැල්ල ....

එලිය නොමැති සිතේ කනමදිරියාවී
උණුසුම් වූ ගතට සිසිලක් දී 
අහස්  ගව්වක දුර ඇවිද ගිහින්
හිදිනු එපා ගොලුවී තවත් ....

-ෂදී-



කදුළු බින්දුව .....

"ආදරයේ කදුළු බිංදුව මගේ 
නෙතු පියන් යට දගලා 
දෙකොපුල් දිගේ පහලටම ගැලුවා 
නුබ දුන්න මතකය නිසා ...

වචන දෙන්න දන්නේ නැති 
මගේ සිත යටම තිබු 
ආදරණිය ආදරය 
නුබේ ලග කදුලක්ව දියකරා 

ඉර හඳ තරු නැති 
තවමත් රුව මැවෙන හිස්  අහසට 
ආයෙමත් එන්න එක මොහොතකට 
මගේ කදුළු බිංදුව අරන් යන්න ......"

-ෂදී-

Wednesday, August 29, 2012

හදිස්සියක් ....

  
"වේගෙන් ගියොත්,
ජිවිතේ විදින්න අමතකවෙයි ...
හෙමින් ගියොත් ,
ජිවිතේ පරාදවෙයි....
ඒත් ,... 
දෙකම ඕනේ ...
ගානකට යන්න 
පොඩි තල්ලුවක් 
ලැබුනොත් ...
ඇදගෙන වැටෙයිද මන්ද ...? "
-ෂදී -

Tuesday, August 28, 2012

තත්පර 30 ...

"දවසකට
පැය 24 ක්ම තියනවා,
විනාඩි වලින්
1440 ක් ...
තත්පරම
86400 ක් ...
ඔයා තත්පර
86400 න් වටිනාම
තත්පර 30 ක්
මට දෙන්න
ආදරෙයි කියන්න .... "
-ෂදී-

Sunday, August 26, 2012

ජිවිතේ...

අපි කාලයක් ගන්දබ්බව ඔහේ ජිවිතේ උඩ ඇවිදිනවා  ,හරි හදිස්සියෙන් වගේ දවසක සිහිකල්පනාව එනවා .... ඔන්න පටන්ගන්නවා  පොලවේ පයගහල ඇවිදින්න .... එහෙම  ඇවිදිනකොට කකුල් ගොඩක් රිදෙනවා කියලා දැනෙනවා ... අන්න අපි ජිවිතේ පටන්ගන්නවා ....

-ෂදී -

Saturday, August 25, 2012

මට හිතුනා ..... 03

      හොස්ටල් එක             

         ජිවිතේ අහුවෙන තැනක් හම්බෙලා තියනවද? ....අපි හැමවෙලේම කරන්නේ ජිවිතේ අල්ලගන්න පුළුවන් තැන් හොයන එක. එත්  සමහර වෙලාවට අපි දන්නෙම නැතුව අපිට ජිවත් වෙන්න අමතක වෙලා යනවා ... එක එක ජිවිත එක එක තැන් වල රස්තියාදු ගහනකොට ඒ රස්තියාදුකාර ජිවිත එක තැනකට විසිකරන තැනක් තමයි හොස්ටල් එකක් කියන්නේ ... හරිම සරල නිදහස් තැනක්. එත් එහෙම පෙනුනට තනි තනි ජිවිත හරි සංකීර්ණයි . එක එක්කෙනා තමන් ඇතුලේ හුදකලා වෙන්න හදනකොට ඒ සංකීර්ණත්වය එලියට එනවා ....

Monday, August 20, 2012

ඉක්මන් සඳ ....

"ඉක්මන් සඳ නික්මන් වී අහසින්
ගෙත්තම් කල හිත් අහසට ඇවිදින්
සිත්තම් කල සිතල දෙතොලක
සායම් දියකර නතර උනා .....

රාත්‍රියක හිත තියලා සිතල පොරවා
සිහින් ස්වරයම උනා පද පේලිය අස්සේ
ඉහිරී වැටෙනා පිනි අග දිදුලන නුබේ
සෙනෙහසක උණුසුම හදේ පතුලටම දැනුනා

කිරිකෝඩු නොවෙන කිරිකෝඩු කිරි පට හීනයේ
පට සොයා සායම් කරන්න
ජීවිතය පුරාවට අත්වැල වන්නට අහසින් පොළවට
නික්මන් සඳ ඉක්මන් කර ආවා ......"

-ෂදී -

Friday, August 17, 2012

එක්කන් යන්න ....

"රාත්‍රියක සිතල අරගෙන
මහා දවාලක උනුහුමක් තියාගෙන
නුබේ තුරුලට
හැන්දෑව වහේ මම ආවා ....

සියෝලගම වෙලාගත් නුබේ සුවදින්
සිත ගත හරි හදිස්සියෙන් ඇහැරුණු විට
ආදරයේ අකුරු කෙරුවා මම
නුබ සමග දැවටී .....

ඇවිදින්නට ජීවිතය උඩින්
මා එන්නම් නුබ ලගින්ම
එක්කයන්න මා
නුබේ ලෝකයේ ඇතුලටම .... "

-ෂදී -

Monday, August 13, 2012

රෝහල ..

"ඉස්පිරිතාල
ඇද.....
තප්පරයක්
ගෙවෙන්න ,
විනාඩියක්
ගතවෙන
මුසලම තැන..."
-ෂදී -

Thursday, August 9, 2012

මිනුම .....




"කිලෝ මීටර, කිලෝ ග්‍රෑම්
නෑ නෑ ...
සෙන්ටි මීටර ..
මිලි මීටර ....
එහෙමත් නැත්තම් 
රාත්තල් ... අඩි...
වියත් ....
අනේ 
මැනගන්න බැනේ 
මට ... , 
කිරල මැනල 
කොහොමද දෙන්නේ ?
තේරෙන්නේ නැ.....
කිරුවට මැන්නට ,
ඊට වඩා වැඩියි නේ ...
මගේ 
ආදරේ ... !!! "
-ෂදි-


Sunday, July 29, 2012

වටිනාකම....

"ඒ තරම්
අර තරම්
මේ තරම්
නොවුනාට
නුබ වෙනුවෙන්
ගලපන මගේ අකුර
මට වටිනවා ....."
-ශදී -

කොච්චරද...?

"අච්චරයි,
මෙච්චරයි ,
එච්චරට
අච්චරයි ,
මෙච්චරට
අච්චරයි ,
අරෙහෙමයි,
මෙහෙමයි .
කොච්චර
කොහොම කිවත්
තව ගොඩක්
සැරයි
මගේ ආදරේ ....."
-ශදී -

Monday, July 2, 2012

ඇහි පිල්ලම යට ...

"නතර වෙන්න මේ ඇහිපිල්ලම යට
එන්න පපු කිනිත්තට ආදරය පුරවාගෙනම
හෙමි හෙමියට උඩුදුවන්නට ජීවිතය පුරාවට
හීනියට සිත්තම් කල හුස්මක් අරගෙනම

හයියෙන් හිතුවා මම නුබගැන
මේ දැන් මේ මොහොතකට කලින්
සද්දෙට දැනුනා ආදරයක් හදවත ගැබුරින්
දෙනෙත වසාගෙන නුබ හෙවුවා සයනේ

ඇහි පිය නොහෙලා දැක්ක හීනෙක
උණුහුම අරගෙන සුදුපාට හැන්දෑවක
මහා පොලව උඩින්  ඇවිද එන්න
මේ පුංචි ඇහි පිල්ලම යට නවතින්න ..... "
-මිහි-


Friday, June 29, 2012

මට හිතුණා.... 02

     ජීවිතේට අඩුවක් ...

                           මිනිහෙක් ජීවත්වෙනවා කියන්නේ ජීවිතේට තියන අඩුවක් පුරවගන්න සටන්වදින එක කියල මට හිතුණා .... තමන්ට නැති අනුන්ට තියෙන දෙයක් තමන්ගේ කරගන්න එහෙමත් නැත්තම් අනුන්ට නැති දෙයක් තමන්ගේ කරගන්න මිනිස්සු දවසගානේ සටන් වදිනවා .. සල්ලි ,බලය ආසාව මේ හැමදේටම එහෙමයි .. ඒ හැමදේ අස්සෙම මම කතාකරන්න කැමති සහ මම වැඩිපුර කතා කරන්න හිතෙන ආදරේ වගේ දේවල් වලදීත් මේ අඩුව පුරවගන්න දගලනවා කියල මට එකපාරටම අද හිතුනා...

පාටක් ලැබුණා...

"ජීවිතේට පාටක් 
හොයා හොයා 
රස්තියාදු ගහපු 
මම 
වැටුනේ 
ඔයාගේ 
අත්දෙකට ..... 
ඉඩ දෙන්න 
හයියෙන් අල්ලගන්න ....
ලොකු හුස්මක් 
අරන් හයියෙන් 
හිනාවෙන්න ....
කදුළු 
මතක් කරන්න 
එපා ....
අඩන්න හයියක් 
නැ .. ආයෙමත් මේ 
ජිවිතේ ...
හයියෙන් තද කරලා 
අල්ලගන්න ...
වැටෙන්න 
තැනක් නැ 
මට..."
-මිහි-


හීනයක් නොවේ .....

"සුවදයි....
මිහිරි....
හැබෑවක් උන 
මගේ පුංචි 
හීනය ... 
ඇස් අරින්නේ නැ 
මම ...
මම වෙනුවෙන් 
ලෝකේ දකින්න 
මගේ හීනෙ 
මං ලග ...
රස්නියයි 
ලෝකෙම සිතල වෙද්දී 
රසයි ජිවිතෙම ...
හීනයේ උණුහුම් 
හුස්ම වදින කොට ....
ඔව මම අයෙමත් ...
නැවත නැවතත් 
ජිවත් වෙනවා ...
ආදරේ කරනවා 
මට දැනෙනවා .... "
-මිහි- 


කොලයක් ...

"ඉරල විසි කරපු
කොලේ...
දාපු තැනක්  වත්
මට මතක නැ ...
නැ ... මම
විසි කරේ නැ ..
ඒක ගිනි තිබ්බා ....
ගිනි තිබ්බ තැන
ඉතුරු උණු
සලකුණක්
පස්සෙන් ඇවිත්
මතකද අහනවා ...
හදවතින්ම ලියපු
පොත මං ගාව
මගේ පපුව උඩ
සැතපෙද්දී  ,
ඉරල ගිනි තියපු කොළ කැල්ලක්
මොකටද? ....."
-මිහි-

Thursday, June 28, 2012

ආදරයක් ....

"මම
හුස්ම ගන්න හදනවා
එත්
හුස්ම වැටෙන්නේ
නැ...
හයියෙන් අල්ලාගෙන
අඩන්න ඕනේ උනාට
කදුළු අමතක වෙලා ...
පාවෙනවා ...
හරි ලස්සනට
ජිවත් වෙනවා
ඇස් ඇරැගෙන ...
සත්තයි ...
මගේ ආදරෙත්
උඩු දුවන
පිළිකාවක් වගේ
සුව කරන්නම
බැ  දැන්නම් ......"
-මිහි-

Monday, June 25, 2012

ගෙනත් දෙන්න ....

"රැයක දවාලක් 
නොතේරෙන තරමට 
වැතිරගත් සිත් අහසම 
නුබ නමින් ලියන්නට 
අළුපාට කොලයක් 
ගෙනත් දෙන්න 
මට ...."
-මිහි- 

වැස්ස ...

"මහපොළොව ඉරිතලා ගිහින් ...
හයියෙන් වැස්සක් වැටුණා..
සැරට නින්ද ගියා ...
හයියෙන් හීනයක් දැක්කා...
සද්දෙට හිතලා ...
තඩි හුස්මක් ගත්තා ...
ආයෙම මහා පොළොව
තෙත් වෙලා ....
සීතලයි ... සනීපයි...
ලස්සනයි ..."
-මිහි-

Sunday, June 24, 2012

(නු) සුදුසුකම ...

ආ... එන්න මිස් වාඩිවෙන්න ...
උපාධියක් තියනවද? ...
ඇතුළෙද ? පිටද?
ආ ඇතුළෙද?
ඇමතිගේ ලිස්ට් එකේ රෙජිස්ටර් උනාද?
නැද්ද? එහෙනම් මන්ත්‍රීගේ ලිස්ට් එකේවත්
එත් නැද්ද?..... ආ ......
එහෙනම් මේ උපාධියෙන් වැඩක නැ මිස්
සමාවෙන්න ...
අපරාදේ අවුරුදු 4
නේද? මිස් ....
-මිහි-


Thursday, June 21, 2012

ලැබීම ..

"සයිවර් කඩ ගානේ
රස්තියාදු වෙලා
රස්තියාදු වෙලා ...
අන්තිමට
තරු පහේ
හෝටලයක් ලග
නතර උනා ...
එත් පසුම්බිය
හිස්... "
-මිහි-

... ආදරය .....

"හයියෙන් ආපු
මගේ වාහනේ
බ්රේක් වැඩකරේ
ඔයා ලගදි "
-මිහි-

Saturday, June 16, 2012

හීනය ....

"ඔයාට තියන
මට නැති දේ, 
මට ඇතිදේ 
කරගන්න  
සටන් වැදීම"
-මිහි- 


Friday, June 15, 2012

හුස්ම ....

"පණ තියන හුස්මක් ...
නාඩි වැටෙන ජිවිතයක් ...
තෙත් උන සිනාවක් ....
ආගන්තුක සෙනෙහසක්
අලුත් හෙට දවසක් ..... "
-මිහි -

Saturday, June 9, 2012

පොහොසත්කම ....

"හයිකු කවියක් වගෙයි
කිසිම ගැලපීමක් නැ ..
ඇගිල්ලක් එලියට ආපු
මේස් එක ... "
-ෂදී -

Friday, June 8, 2012

කාලය ...

"මැණිකේගේ
දිග සාය ...
කොට උන
මහනුවර
KCC ය ..... "
-මිහි-

Tuesday, May 1, 2012

මිහිගේ කෙටි කතාව 01

හිතුනා, නැ දැනුනු තනිකමක් ! 


අදත් වෙනද වගේම කම්මැලි කමට ඇදේ පෙරලි පෙරලි හිටියට අද හවස යන්න තියන ගමන ගැන හිත තවමත් දෙගිඩියාවෙන් . හුම්ම්ම්  අද හවසනේ "විකාර " පොත එලි  දක්වන්නේ , ආරාධනාව කරේ අන්තර්ජාලයෙන් උනාට බලහත්කාරෙන් වගේ මුද්‍රනේ කරපු ආරාධනා පත්‍රයකුත්  ගත්ත නිසා නොගිහින් බැ.

  "හුම්ම් කෝල් එකක් දීල තැන හරියට අහගන්න ඕනේ ".. එහෙම හිතල සුපුරුදු අංකයට ඇමතුමක් ගත්තා .

                                             " හලෝ .... සඳු ... "

Saturday, April 21, 2012

සිස්ටම්



සිස්ටම් ඇතුලේ හිරවෙලා ජිවිත ගෙවන ගොඩක් මිනිස්සු ලැබෙන පුංචි චාන්ස් එකෙන් ජිවිතේ අල්ලන්න ට්‍රයි එකක් දෙනවා.. එත් ඒ ලැබෙන පොඩි චාන්ස් ඒක මිස් කරගෙන සිස්ටම් ඒක ඇතුලේ අනාථ වෙන වෙලාවලුත් තියනවා .දැන් එතකොට මොකද්ද මේ සිස්ටම් ඒක.... අනේ මන්දා මම නම් හරියට දන්නේ නෑ ... මටත් ඔයා වචනේ අරහෙන් මෙහෙන් ඇහෙනවා... 

Friday, April 20, 2012

-මට හිතුණා -

-මට හිතුණා -

අපි ඉපදුනේ හරි අමුතු පරිසරේක... මේක 1980/1990 කලේ ඉපදුන අයට සෙට් වෙයි... හිතන්නකෝ අපි ඉපදිලා තේරෙන කාලෙට ආවට පස්සේ අපි දන්නේ , අපිට ඇහුන ලොකුම දේ තමා යුද්දේ ... එක ගැන කිසිම දෙයක් ඒ කලේනම් මට තේරුනේ නෑ.. ඔය කීවට දැනුත් තේරෙන්නේ නෑ... කොහොම හරි යුද්දේ ඉවරයි  . ඒ නිසා නැති දේවල් ගැන කතා ඕනේ නෑ..