Tuesday, May 1, 2012

මිහිගේ කෙටි කතාව 01

හිතුනා, නැ දැනුනු තනිකමක් ! 


අදත් වෙනද වගේම කම්මැලි කමට ඇදේ පෙරලි පෙරලි හිටියට අද හවස යන්න තියන ගමන ගැන හිත තවමත් දෙගිඩියාවෙන් . හුම්ම්ම්  අද හවසනේ "විකාර " පොත එලි  දක්වන්නේ , ආරාධනාව කරේ අන්තර්ජාලයෙන් උනාට බලහත්කාරෙන් වගේ මුද්‍රනේ කරපු ආරාධනා පත්‍රයකුත්  ගත්ත නිසා නොගිහින් බැ.

  "හුම්ම් කෝල් එකක් දීල තැන හරියට අහගන්න ඕනේ ".. එහෙම හිතල සුපුරුදු අංකයට ඇමතුමක් ගත්තා .

                                             " හලෝ .... සඳු ... "



                     "ආ... හලෝ ගුඩ් මෝර්නින් තරංග , දැන් ද  නැගිට්ටේ ..."


                                       " මොර්නින් , නැ දැන් ටිකක් වෙලා ,ඕ  කියන්න සඳු ..."


                    "මේ , අද අර වැඩේ තියෙන්නේ කොහෙද? "
                                          
                                       " එකනම් මත හරියට දන්නේ නැ සඳු ... නිලංක අයියල යනවා කිවා, පොඩ්ඩක්                                  එයාලගෙන් අහල බලන්න . නැත්තම් සර්ට කොල් එකක් දීල බලන්න "


                     "එහෙමද ?, අනේ සර්ට කතාකරන්න බැ වැඩ ඇති .මම නිලන්කයට කෝල් කරලා බලන්නම් ,    ඔය එනවද? "      


                                       "එන්න ඕනේ සඳු , ඒක ඔගනයිස් කරන්නේ අපේ කට්ටියනේ .."


                 "අපෝ එහෙමද .... එහෙනම් මට බැ එන්න .... වාතයක් වෙනවා .. දන්නවනේ "


                                        "අනේ මන්ද සඳු , එක ඔයාගේ තීරණයක්‌ , කැමති දෙයක් කරන්න "


                 "හරි හරි බලමුකෝ , මම තියන්නද එහෙනම් "


                                       "ආ හරි සඳු , පරිස්සමෙන් "


                  " හරි ඔයත් පරිස්සමෙන් ... බුදුසරණයි !"




               අපොයි මේ මොකද උනේ , දැන් කොහොමද යන්නේ , අනේ මට බැ යන්න .... SMS එකක් !!! තරංග ගෙන් ???

      " සදුවෝ .... ඒක කරන්නේ අපේ කට්ටිය උනාට ඔයාට එන්න කිවේ සර් නේ , ඒ මනුස්සය ගැන හිතල ඔයා  එන්න , මාත්  එනවා ... TC "


                ඔයත් එනවනේ ... හරි එහෙනම් මාත් ඔන්න  යන්න තීරණේ කරා .... හුම්ම්ම් දැන් තමා ඊලග යුද්දේ පටන් ගන්නේ ... යයි කියල හිතපු දන්න හැමෝටම කතා කර එක්කෙනෙක් වත් හරියට උත්තරයක්‌ දුන්නේ නැ . දැන් එතකොට මම යන්න ඕනේ තනියමද ? අනිත් හැම කෙල්ලටම යන්න කවුරු හරි ඉන්නවා මට නැ . හැමෝම හිතන්නේ මාත් එක්ක යන්න එයා  ඉන්නවා කියල මමනේ දන්නේ ...... " ලෝකය විෂමයි තනියම නියමයි කියලා කවුදෝ කියල තියනවා ....

               අනේ මන්ද වෙලාවත් ටික ටික ලංවෙනවා .. අත්දෙකත් සිතල වෙලා .. මොකද්ද අනේ ඇයි? මම මෙච්චර බය වෙලා , පපුව හයියෙන් ගැහෙන්නේ ඇයි? කවුද දන්නේ ? හුම්ම්ම් කවදත් වෙලාවට කලින් යන්න පුරුදු වෙලා හිටිය මට අද දැනෙන්නේ බස් පරක්කුයි වගේ .... හොදවෙලවට බෝඩිමේ ඇන්ටි ගෙන්  හරියටම යන්න ඕනේ තැන අහගත්තෙ ... ශා !!! දැන් කෙල්ල දියුණුයිනේ තනියම යන්නත් දන්නවා ... මම මටම කියාගත්තා ...

               අම්මේ තැන හරිද ? අනේ මන්ද ... ම්ම්ම් .. සර් ට කතා කරලා බලමු කෝකටත් ...

           හරි තැන වැරදිලා නැ ...... අර ඉන්නේ කට්ටිය .. අම්මේ දන්නා කියන කට්ටිය දකිද්දී පුදුම සැහැල්ලුවක් ... අම්මෝ එත් මේ මගේ පපුව ගින්දරට අහුවුණ පළගැටිය වගේ දගලනවා... ඇගත් සීතලයි ... එන විදිහ එච්චර හොද නැ වගේ ... පැටලිට වැටෙන තරමට මාව ගැහෙනවා.. මොන විකාරයක්ද මට මේ වෙලා තියෙන්නේ ....

              ආ.... ඔය ඉන්නේ කට්ටියම ඇවිල්ල .. දැන් ඉතින් හරි ..... එත් ???.. මේ හැමෝම දන්න කියන අය වෙලත් ඇයි? ඒ එක්කෙනෙක් වත්  මට හිනවෙන්නේවත් නැත්තේ ? හුම්ම්ම් සමහර විට අද වැඩේ සංවිධානේ කරපු ඌස්නේ නිසා වෙන්න ඇති . අනේ මන්ද මේ අයට මොනවා වෙලාද කියල ... මගේ මොකෝ .. කට්ටිය පෝලිමට කඩේ ගියදෙන් ...

               කෝ අනේ තරංගල තාම නැනේ .. එකත හොදයි .. ඔය කීවට මම බයේ හිටියේ මෙතන ඇවිත් බැහැල වැඩ ඇති කියල ...

              "ආ.. ඔය ආවනේද? මෙතනින් ඇතුලට යන්න ... "


                                 "ඔව සර් ඔන්න මම අවා ...."




               වීරවරිය වගේ කීවට අවේ වැනි වැනි කියල සර් දන්නේ නැ ... කමක් නැ මම වැනි වැනි හරි ආවනේ .ම්ම්ම් .. කොහෙද ඉදගන්නේ ..... සේරම කෙරුවාවල් බලාගන්න පිටිපස්සෙම ඉදගන්නවා තනියම ...

               එකා දෙන්න එනවා පුටු පිරෙනවා , එන හැම කෙනාම ඇයි නොදන්නා අය වගේ හැසිරෙන්නේ , අනේ ඇයි? මව මෙච්චර තනි කරන්නේ . ඊයෙත් අපි එකට කතා කරලා හිතිය නේද? කෝ තරංගවත් නැනේ ....
              මොකද මේ ??? දැන් එතකොට මොකද්ද මම කරපු වැරැද්ද ? හිනවෙලවත් බලමු .. ඔය ඉතින් හැමෝම දැක්කේ නැ වගේ යනවා .. හැමෝම වැඩ .. වටිනා මොනිස්සු අතරේ එකම නොවටින කෙනා මම වෙලාද? වෙනද කතා කරන සර් වත් කතා නැ ... දෙයියනේ මම අවේ ඇයි? ..... අනේ මට කහගල කියන්න හිතෙනවා ... "ඇයි? යකෝ තොපිට මව පෙන්නේ නැද්ද? මම තොපේ අක්කා කෙනෙක් නේද? කතා කරන්න බැරි නම හිනවෙලවත් පලයල්ලකෝ ".....

            හා හා .. කමක් නැ හැමෝම පෝලිමට වැඩනේ .. දැන් වැරැද්ද මොකද්ද ... මුන් සේරම මට බයවෙලාද කොහෙද?

           අම්මේ ඇති යන්තම් තරංගලා අවා .. මම හිතුව ඔය අදත් ඔය ෂර්ට් එක අඩන එයි කියලා .. මොන උනත් හරි වැදගත් පාටයි ... හුම්ම්ම් දැන් හිතට සතුටුද? ... නැ  .... දැන් තමා  හිතේ කලබලේ පටන් ගන්නේ ...බෙල්ලයි ඇස් දෙකයි රිදෙනකම් බල බල ඉන්න එපයි .... ඔන්න මව දැක්ක .. මම නොදැක්ක වගේ ඉන්න ඕනේ .. බලමුකෝ කතා කරයිද කියල ...

                         "සඳු  දණ්ඩ ආවේ ?... "
             
           "ඇයි ? එන්න වෙලා ගියේ , මම බලාගෙන හිටියේ ඔයා එනකම් " 
                       
                      " හරි ... මේ ඔයා ඉන්නවනේ . මම අරහෙට ගිහින් බලල එන්නම් මොකද වෙන්නේ කියල "


                       
                      හුම්ම් ....... මම දන්නවා ඔය ගියේ කොහෙද කියලා , හරි එයාවත් ශේප් කරලා එන්න . මට බැ මේ විගදන් බලන ඉන්න මම යනවා ඉස්සරහ පේළියකට ... ඔයාල පිටිපස්සේ ඉදන් ඕනේ පෙමක් කෙලගන්න එකයි ඇත්තේ ....


                    වැඩේ පටන් ගත්ත . ඔයත් මට ඉස්සරහ පේලියේ වැදී උන තනියම ... මත තනියම ඉන්න හිතුවට කොහෙද මං ලග පෝලිමක් වාඩි උනා ....

                   වැඩේ කෙරීගෙන කෙරීගෙන ගියා .. පවුත් හිතුන .. හිතපු තරම් සෙනගක් නැ , හොදවෙලවට ආවේ. ලංකාවේ කලාකාරයන්ට (පොත්ලියන මිනිස්සුන්ට )තියන අවුල එකනේ ,වියදන් කරගෙන කාලය ශ්‍රමය වැය කරලා නිර්මාණයක් කරහම එක පිළිගන්න කවුරුත් එන්නේ නැ. එන්නේ හරිම සිමිත් පිරිසක් අපි වගේ . එක හරිම කේදවචකයක් . එත තනියම හරි මේ මනුස්සය මේ කරන උත්සාහේ වටිනවා . උදවුවට ගෝලයෝ ටිකයි ලගම යාළුවොයි හිටපු නිසා හොදයි .මට කටින් කියාගන්න හයියක් නැති උනාට මම ඒ වෙලාවේ සර්ට හදවතින්ම සුභ පැතුවා !!! තවත් නම ඉන්න අමාරුයි ....

                 "තරංග .. මම යනවා .. පුලුවන්නම් එලියට එන්න , රැ උන ..TC BS "


                  SMS එක ගහල මම නැගිට්ටා , එත යන්න ලැබුනේ නැ සර් මාව නවත්ත ගත්තා . මොනවා කරන්නද ඉන්න උනා.

                 ආයෙමත් දන්නා කියන මිනිස්සු අතරේ මම තනි උනා. ..... වැඩේ ඉවරයි ,දැන් බෝජන සංග්‍රහය , එතෙන්ට නම කීයටවත් යන්න බැ .ආපු  හැමෝටම සංවිදායක මණ්ඩලයේ නංගිලා කමට ආරාධනා කරා එත මට ???, මම අයෙම තනි උනා , මම සද නැතුව හෙමිට එලියට ආවා.ඇස් වල කදුළු පිරිලා වෙන මුකුත් නිසා නෙවෙයි .............

  "නොදන්න මිනිස්සු අතරේ තනි වෙනවට වඩා, දන්නා කියන මිනිස්සු අතරේ තනිවෙන එක දරා  ගන්න අමාරු නිසා "


                    "සඳු .. එන්න , මොනාහරි කන්න...  "


                   " මට බඩගිනි නැ . කන්න බැ .."


                    "මම කියනවට ඇවිත් මොනාහරි කන්න ... නැත්තම් එක සර්ට හරිනැ... හරි කන්න බැරිනම් ඇතුලට වෙලා වාඩි වෙලා ඉන්න , පේන්න හරි ..."


                  "ඔය ඇතුලට යන්න තරංග .... මම මෙතන ඉන්නම් ...කමක් නැ "
 

මිහි

     
         
           



                                    


                           

7 comments:

  1. සත්‍ය සිද්ධියක්ද නැත්නම් පරිකල්පනයක්ද

    ReplyDelete
  2. No words to say, But It's the truth.. Good Luck! Sjay..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නැට්ට පාගගෙනද?????

      Delete
    3. This is not mine Sha.. It's Mihikala

      Delete
  3. නියමයි මිහි ...

    ReplyDelete
  4. කතාව පටන් ගත්ත ගමන් නිසා මුකුත් කියන්නේ නෑ. දිගටම ලියන්න හොද නරක කියන්නම්...
    මම කිවා හැමදාම හරියට යුනිකෝඩ් පුරුදු වෙන්න කියලා.මේ වගේ දෙයක් ලියද්දි අක්ෂර වින්‍යාස සෑහෙන්න වැදගත් කියලා ඔයා දන්නවනේ.....
    මොක වුනත් පුදපු ගමන් කාපි යකා වගේ වැරැද්දක් කිවා කියලා හිතන්න එපා.ඒක හදාගන්න

    ReplyDelete