Saturday, September 29, 2012

ගුරු පත්වීම

"ඉගෙනගත්
සියල්ල
අමතකව ගියපසු
රජයෙන් ලබාදෙන
පත්වීමයි .... "

-ෂදී-

Wednesday, September 5, 2012

කෙටි කතාවක් ...02

      මම මේ දකින්න හදන්නේ හීනයක්ද? තව ටික වෙලාවකින් මම යන්න හදන්නේ තව කාලයක් ගිහින් හොදට සල්ලි ටිකක් හම්බකරගෙන යන්න හිතපු තැනකට නේද? හීනෙකින්වත් හිතුවේ නැ අතේ සතයක් නැතුවම ඒ දවස ලං වෙයි කියලා.මුළු හදවත පුරාම සතුටක් ගලනවා වගේ දැනෙන්න පටන්ගත්තේ හීනියට දාපු දඩියකුත් එක්ක.

Monday, September 3, 2012

අවකාශ ගත වුණා....


කදුළු බිංදුව මගේ 
නොවටිනා දැසට පැමිණ 
අවකාශ ගත වුණා
හිස් අහසේ.... 

රිදුනු පපුවක වේදනාව 
උණුසුම් ගතින් දියවුණ 
කළුපාට දහවලක 
හිරි වැටහුණු ඇස් පිහාටුව ගිලිහුණා

පය රැදුණු පොළව මතින් 
සිත රැදුණු අහස වෙත 
ඉගිලී ගියා සුදු පාට ආත්මය 
ආදරයක් සොයාගෙන .....
-ෂදී -


    

සොයමි මා...


පාවෙන්න ඇතටම ඇතට
ඉකි ගසන හැන්දෑව පසුකර 
සීතල රාත්‍රියක තනිවෙන්න
නිසල හදවත් උරුම වෙන්නට ....

තිබුණු හීනයේ කලුපාට අතරින් 
පරවුණු සඳ එළිය පොරවාගන්නට
දෙන්න පාවෙලා යන්න වරමක් 
ජිවිතයේ පාට දකින්නට ....

නැතිවූ සියල්ල අමතක කර 
නුබ සොයා එන ගමනට 
සෙවනැල්ලක් වත් නැතිද 
පාර කියන්නට .....

-ෂදී -

හිදිනු එපා ගොලුවී තවත් ....


ඇවිද යන්නට මහා පොළව උඩ 
හුස්ම ගන්නට ජිවිතයෙන් 
වරක් එක වතාවක් 
කියන්න ආදරෙයි කියා...  

නොකිය කියූ නුබේ හසරල්ලක
ජිවිතයම ලියා තැබූ වැහි බිංදුවක
වදනක් නොමැති ආදර කවක 
සගවා තබමි මා සෙවනැල්ල ....

එලිය නොමැති සිතේ කනමදිරියාවී
උණුසුම් වූ ගතට සිසිලක් දී 
අහස්  ගව්වක දුර ඇවිද ගිහින්
හිදිනු එපා ගොලුවී තවත් ....

-ෂදී-



කදුළු බින්දුව .....

"ආදරයේ කදුළු බිංදුව මගේ 
නෙතු පියන් යට දගලා 
දෙකොපුල් දිගේ පහලටම ගැලුවා 
නුබ දුන්න මතකය නිසා ...

වචන දෙන්න දන්නේ නැති 
මගේ සිත යටම තිබු 
ආදරණිය ආදරය 
නුබේ ලග කදුලක්ව දියකරා 

ඉර හඳ තරු නැති 
තවමත් රුව මැවෙන හිස්  අහසට 
ආයෙමත් එන්න එක මොහොතකට 
මගේ කදුළු බිංදුව අරන් යන්න ......"

-ෂදී-