Saturday, April 21, 2012

සිස්ටම්



සිස්ටම් ඇතුලේ හිරවෙලා ජිවිත ගෙවන ගොඩක් මිනිස්සු ලැබෙන පුංචි චාන්ස් එකෙන් ජිවිතේ අල්ලන්න ට්‍රයි එකක් දෙනවා.. එත් ඒ ලැබෙන පොඩි චාන්ස් ඒක මිස් කරගෙන සිස්ටම් ඒක ඇතුලේ අනාථ වෙන වෙලාවලුත් තියනවා .දැන් එතකොට මොකද්ද මේ සිස්ටම් ඒක.... අනේ මන්දා මම නම් හරියට දන්නේ නෑ ... මටත් ඔයා වචනේ අරහෙන් මෙහෙන් ඇහෙනවා... 

මට හිතෙන විදිහට සිස්ටම් ගොඩක් තියනවා ... ඒවා තව කෙනෙක් විසින් අපිට ඇතරපු ඒවා, එකයි අපි ඒවා ඇතුලේ හිරවෙන්නේ , අපි අපිටම කියල ජිවත් වෙන්න සිස්ටම් එකක් හදාගන්න උත්සහ කරන්නේ නෑ ... හැම වෙලාවේම අනුන්ගේ සිස්ටම් එකකට එන්ටර් වෙලා අපේ සිස්ටම් ඒක හදාගන්න ට්‍රයි කරනවා.. එකත් එ
ක්තරා විදිහක සිස්ටම් එකක්, එත් දෙයියනේ අපි එකිනෙකට වෙනස් මිනිස්සු , කීයටවත් මම වගේ තව කෙනෙක් නෑ. එතකොට මගේ සිස්ටම් ඒක තව කෙනෙක්ට හරියන්නේ නැනේ ... 

එතකොට සමාජයේ සිස්ටම් ඒක ... අම්මෝ !!! ඒක කොහොමත්  අපිට අදාල දෙයක් නෙවෙයි.... ඒ කියන්නේ ඒක තනි මිනිහෙක්ට අදාල නෑ.. ඒක අදාල කරගන්න ගියොත් ඔන්න පටන්ගන්නවා පන්ති අරගලයද  මොකක්දෝ කියන වචනේ .... සමාජ සිස්ටම් ඒක නිර්මාණය වෙන්නේ තනි තනි සිස්ටම් එකතුවකින් කියල මම ඉගෙනගත්තා වගේ මතකයි . එත් , ඇත්ත ඒක නෙවෙයිද කොහෙද... කොහෙන්දෝ ගෙනත් අතාරින සමාජ සිස්ටම් ගොඩකින් අපි අපිට සෙට් වෙන ඒක තෝර ගන්නවා කියල මට ඒක පාරටම හිතුණා... දැන් හිතන්න කන්න ගියත් , නිදාගන්න ගියත් සිස්ටම් කියක් තියනවද? ඔයා හැම සිස්ටම් එකක්ම සමාජ සිස්ටම් ඒක ඇතුලේ රෝල් වෙනවා, ඒ සිස්ටම් වලින් අපි අපේ බජට් එකට සෙට් වෙන සිස්ටම් ඒක තෝරාගන්නවා ... අනේ ඉතින් තෝරාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව ලෝකේ තියන ලොකුම ගොන්කම කරනවා ... ඒ තමයි අපි තෝරගත්ත සිස්ටම් එකේ ජිවත් වෙන්නේ නැතුව අනුන්ගේ සිස්ටම් එකට හොට දාල ඒක විවේචනේ කරනඑක...ඔන්න ඔයා කෙහෙල්මල් විවේචනේ නිසා තමා අපි අපේම සිස්ටම් ඒක ඇතුලේ හිරවෙන්නේ .... 

අනේ මන්දා ඉතින් සිස්ටම් ගැන මොලො දෙයක් දන්නේ නැති මම , මගේ සිස්ටම් එකවත් හොයාගන්න විදිහක් නැතුව ඉන්නකොට මෙන්න මේ විදිහට ලියවුනාලු.... 

මිහි 

1 comment:

  1. තමන්ගෙ සිස්ටම් එක වණන්නත් ,අනුන්ගෙ එක විවේචනය කරන්නත් පැහැදිලි අයිතියක් තියෙන්න ඕන! නමුත් අහවලාගෙ හෝ අහවලී ගෙ සිස්ටම් එක විවේචනය කරද්දි හොයලා බලන්න ඕන ව්ලා/වලී ..තමන් කියන දේ තේරුම් ගන්න තරම් වත් "සිත්-වත් කමක්" තියෙන පොරක් ද කියලා.....

    ReplyDelete