Friday, June 29, 2012

මට හිතුණා.... 02

     ජීවිතේට අඩුවක් ...

                           මිනිහෙක් ජීවත්වෙනවා කියන්නේ ජීවිතේට තියන අඩුවක් පුරවගන්න සටන්වදින එක කියල මට හිතුණා .... තමන්ට නැති අනුන්ට තියෙන දෙයක් තමන්ගේ කරගන්න එහෙමත් නැත්තම් අනුන්ට නැති දෙයක් තමන්ගේ කරගන්න මිනිස්සු දවසගානේ සටන් වදිනවා .. සල්ලි ,බලය ආසාව මේ හැමදේටම එහෙමයි .. ඒ හැමදේ අස්සෙම මම කතාකරන්න කැමති සහ මම වැඩිපුර කතා කරන්න හිතෙන ආදරේ වගේ දේවල් වලදීත් මේ අඩුව පුරවගන්න දගලනවා කියල මට එකපාරටම අද හිතුනා...



                                  බොරුවට ඇගිලි රිදෙනකම් මේකට කොටන්නේ නැතුව love ඇතුලේ අඩුව පුරවන මාතෘකාවටම මම බහින්නම් .....  හිතුණේ මට වුනාට මේක පොදු සිතුවිල්ලක් කරන්න තරම් මට මගේ වාක්‍ය රචනා දැනුම නම් තවම මදි වගේ කියලත් මේ ලගකදී ඉදන් හිතෙන්න පටන්ගෙන තියෙන නිසා ඔන්න ඔහේ පුරුදු විදිහටම ලියවෙන්න අරින්නම් ....

                                 love  ඇතුලේ sex තියනවද ? sex ඇතුලේ love තියනවද ? කියන එක මට කාලයක් ඉදන් තියන ප්‍රශ්නයක් තාම පිළිතුරක් හොයාගන්න බැරි උනා .. කොහොම උනත් ජිවිත් වෙන්න මේ දෙකෙන් එකක් හරි වක්‍රව හෝ සෘජුව අපට ඕනේ වෙනවා කියලනම් මට හිතිලා ගොඩක් කල් වගේ ...

                                දැන් එමු අඩු පිරවීමට ... ඔන්න අපි කාලයක් බොක්ක පලාගෙන කියල හිතාගෙන කාටහරි love කරනවා ... ලංකාවේ සිස්ටම්  ඇතුලේ යන්න පුළුවන් sex ගමනකුත් යනවා... හෙන ගැහුවා වගේ love එක නතර වෙනවා ... ඔන්න විරහ ගීත එකතු කරන්න පටන් ගන්නවා ... සමහරු නම්  සද්ද නැතුව ඉන්න හදනවා එත්  කොහෙන් හරි අර පිච්චෙන සිතුවිල්ල පිටවෙනවා ... හරි දැන් අපි ඉස්සරවෙලාම බලමු බොක්ක පැලෙන්න love නම් කොහොමද එක ඉවර උනේ  කියලා . හරි සරලයි අඩුවක් නැති නිසා ..... එහෙම තමා මට හිතුණේ ....හැමදේම අංග සම්පුර්ණ උනාම අපි අඩුවක් හදාගෙන ජිවිතේ එක්ක සෙල්ලම පටන් ගන්නවා .... පොඩි වලියක් තිබ්බම හොදටෝම ඇති . මොකක් හරි හේතුවක් හදාගන්නවා . හේතුවෙන් අඩුවක් නිර්මාණය කරගෙන ආයෙම ඒ අඩුව පුරවගන්න හදනවා . පුරවගන්න හදන ක්‍රමය ගැන හරියට දන්නේ නැති නිසා අඩුව සදාකාලික වෙලා love එක නැතිවෙලා යනවා . අන්තිම මොහොතේ මොකක්හරි කරලා ඉන්න දගලන්නේ sex කියන අඩුව ගිලිහෙන හින්ද . එක අපේ හිතට මුලුන්ම ආවේ නැති උනාට මිනිසුන්ගේ මනස ලිංගිකයි කියලා සිග්මන් ප්‍රොයිඩ් කීවෙත් ඔකටම තමයි කියල මට හිතෙනවා .... හුම්ම් ඔන්න love නැති උණා .... එත්  එක්ක sex නැතිඋනා .. ඔන්න ජිවිතේ ආයෙමත් අඩුවක් ආවා ....

                              දැන් ආයෙම ජිවිතේ හොයනවා .... අඩුව පුරවගන්න ... ආයෙම හැරෙන්න හිතෙනවා දෙදරලා ගිගින් තිබුනත් අඩුව පුරවගන්නමයි හිතෙන්නේ ... ඔන්න ජිවිතේ කුණුවෙන්න පටන් ගන්නවා ... කුනුවෙනවා කියන්නෙත් අඩුව පුරවගන්න අලුතින් නර්මාණය කරපු වචනයක් නේ.... හික් .....

                           ආයෙමත් හොයනවා ... හොයනවා .... හති වැටෙනකම් හොයනවා ..... ඇත්තටම අඩුව love සහ sex එත් අපි වෙන වෙන දේවල් පස්සේ දුවනවා ..... ලියන්න කියන්න දන්න කෙනෙක් නම් මොනාහරි කුරුටු ගානවා .... තව එවුන් තව දේවල් කරනවා .... කවුදෝ කියලත් තියනවනේ හොද නිර්මාණයක් පිටිපස්සේ වේදනාවක හෙවනැල්ලක් තියනවා කියලා... වේදනාව කෙසේ වෙතත් ජිවිතේ දැනිච්ච පිපිරීමක් තියෙනවා කියලයි මට හිතෙන්නේ ...

                         ඔන්න ජිවිතේ රස්තියාදු ගහල අඩු පුරවගන්න ට්‍රයි කරනකොට එක පාරට love එකක් හිතට වදිනවා ... අඩුවක් නැතුව sex එක්කම .... love එපා  !!! sex එපා !!! .. කියන වචන සේරම දියවෙලා යන්න හරි පොඩි වෙලාවයි යන්නේ ... හැබැයි එහෙම වෙන්නේ ඒ love එක අපිට සෙට් නම්  විතරයි කියල මට හිතෙන්නේ .... love විතරක් නෙවේ sex එකත් සෙට් වෙන්න ඕනේ .... මෙච්චර දවසක් අපිටත් නොදනිම අපි හොයපු, අපිට තිබුන අඩුව පුරවගන්න සෙට් වෙන්න ඕනේ ... ඔන්න ආයෙම පටන් ගන්නවා ටික ටික life එක පිරෙන්න .... දන් කුනුවුණ ජිවිත ගැන කතාවක් වත්  නැ ... හැබැයි ආයෙම අඩුවක් හොයන්න කලින්ම අඩුවක් තියාගෙන love සහ sex කරගත්තොත් ජිවිත කාලෙටම ගොඩ යන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ ..... නැත්තම සේරම සම්පුර්ණ උනොත් අයෙම අඩුවක් හොයන්න පිපිරීමක් කරගන්න හිතෙන්න පුළුවන් ...

                     අම්මෝ !!! දැන් වටේ ගියා  ඇති මල විකාර ලියන එක නවතින එකක් ඇත්තෙම නැ වගේ .... මට හිතුණේ මෙච්චරයි .... love හෝ sex මේ දෙකම  සදාකාලික කරගන්න තියෙන එකම ක්‍රමය පුංචි අඩුවක් ඉතුරු කරන එක .... දැනෙන නොදැනෙන අඩුවක් එක්ක love සහ sex කරන එක .... ඒ පුංචි අඩුව මහා ලොකු එකක් කරගන්නේ නැතුව හීනියට තියාගත්තොත් සදාකාලික ආදරයේ සුවය ලැබෙයි .... ඔන්න ඕක තමා  මට හිතුණේ ....... !!!

-මිහි-


3 comments:

  1. LOve & Sex එකම කාසියක දෙපැත්ත වගේ කියලා කව්දෝ කියලා තියෙනවා වගේ මතකයි...

    ReplyDelete
  2. ජීවිතේට ඔය දෙකම ඕනි.
    හැබැයි අසීමීතව ඒ දෙක මතම යැපෙන්න ගියොත් ඉතුරු වෙන්නේ ලොකු දුකක්

    ReplyDelete
  3. මිනිසා "දේශපාලන සත්වයෙක්" කියල කිව්වෙ ඇරිස්ටෝටල්. අල්පප්රාණ සම්මත වෙච්ච සමාජයක් ඇතුලේ ඒ මහාප්රාණයට ලොකු ඉඩක් වෙන්වුනා කියන එක තහවුරු වෙන්නේ ඒක කොච්චර කාලයක් මානව සමාජය ඇතුලේ පැලපදියම් උනාද කියල බලද්දී. ඒත් සිග්මන් ප්රොයිඩ් "මිනිසා ලිංගික සත්වයෙක්" කියල කිව්වට පස්සේ කලින් මතය අර්බුදයකට යනවා.

    ප්රොයිඩ් කිව්වේ මිනිසාගේ හැම සිතිවිල්ලක්ම ලිංගිකයි කියලා, කොටින්ම ළදරුවෙක් මවගේ තනයෙන් කිරි උරාබීම පවා ලිංගිකයි කියලා. නමුත් ඇරිස්ටෝටලියානු රාමු වල හිරවෙලා හිටපු පුහු සුචරිතවාදීන්ට මේක ටිකක් දිරවගන්න අපහසු වෙලා කැති පොලු අමෝරාගත්තා.

    මිහිකලා සමඟ මම එකඟයි. ප්රොයිඩ් ගේ අදහසකින්ම ඒ එකඟතාවයට හේතුව ලියන්නම්. මිහි, ඔබට සු'පැතුම්. දිගටම ලියන්න.

    ""සිහින යනු මිනිසාට සැබෑලොව තුලදී අතික්රමණය කළ නොහැකි වූ සීමාවන් මානසිකව කළමණාකරණය කරගැනීම සඳහා ස්වාභාවධර්මයා විසින් ලබාදුන් දායාදයකි. සිහින නොතිබෙන්නට බොහොමයක් මිනිසුන් පිස්සන් වනු නොඅනුමානය".....

    ReplyDelete