Saturday, August 25, 2012

මට හිතුනා ..... 03

      හොස්ටල් එක             

         ජිවිතේ අහුවෙන තැනක් හම්බෙලා තියනවද? ....අපි හැමවෙලේම කරන්නේ ජිවිතේ අල්ලගන්න පුළුවන් තැන් හොයන එක. එත්  සමහර වෙලාවට අපි දන්නෙම නැතුව අපිට ජිවත් වෙන්න අමතක වෙලා යනවා ... එක එක ජිවිත එක එක තැන් වල රස්තියාදු ගහනකොට ඒ රස්තියාදුකාර ජිවිත එක තැනකට විසිකරන තැනක් තමයි හොස්ටල් එකක් කියන්නේ ... හරිම සරල නිදහස් තැනක්. එත් එහෙම පෙනුනට තනි තනි ජිවිත හරි සංකීර්ණයි . එක එක්කෙනා තමන් ඇතුලේ හුදකලා වෙන්න හදනකොට ඒ සංකීර්ණත්වය එලියට එනවා ....



                    කොල්ලන්ගේ හොස්ටල් ජිවිත ගැනනම් ලියන්න දන්නෙනැ... ලීවත් ලියන්න වෙන්නේ හිතේ මවාගත්ත කතාවක් තමයි ... එත් මේ ලියවෙන්නේ  ප්‍රර්ථනා අහස උසට ලංවෙලා තියන කන්දක් පාමුල තියන පුංචි හොස්ටල් එකක හුස්මගත්ත ජිවිත ටිකක් ගැන ... හිත්වල ප්‍රර්ථනා අරුන්දතී අහස අල්ලගන්න තරම් දුරගියාට කපුගල කන්දනම් හරි පුංචියි  .... හැබැයි ඒ කන්ද උඩ ඔහේ ඇවිද ගියපු ජීවිතවල බර දරාගන්න ඕනෑවටත් වඩා  හයිය ඒ කන්දට  තිබුණා... කොහොම හරි මේ කන්ද පාමුල හොස්ටල් එකක ගැනු ආත්ම ගොඩක් අවුරුද්දක් අවුරුද්දක් ගැනේ මාරු වේවි ජිවිතේ  හොයනවා .. හරි සුන්දරයි , කැතයි , අමුයි , සංකීර්ණයි ......


                    ධාරානිපාත වැස්සක් වැටිලා ඉවසගන්න බැරි සීතලක් දැනෙනකොට විතරක් නිවෙන, විදුලි පංකා යට අපි අපේ ජිවිත දියකරා.... වෙලාවකට ඒවා හරි උණුසුම් විදිහකට ගලාගෙන යනවා ...එක එක්කෙනාට වෙන්කරපු  තනි තනි කාමර නැති උනාට එකම ශාලාවක හරි අපුරුවට අපි අපිව අහුරගෙන හිටියා ... තමන්ට කියලා වෙන්වෙච්ච ඉඩ ඩින්ගිත්තේ හැමදේම ගබඩා කරන්න අකමැත්තෙන් උනත් අපිට  සිද්ද වුණා ....එත්  ඒ හිරවීම කවදාවත් හොස්ටල් ඒකෙන් එළියේ තිබ්බ ජිවිත තරම් හිර උනේ නැ කවදාවත්ම ....

                 
                 උදේට හරිම කලබලයි . එකාට එකා  ගැටෙනවා ... වතුර රත්කරගන්න අපි හැමෝටම තිබුනේ එකම තැනක් . එත්  කවදාවත්ම කවුරුවත් තේකක් නොබී බඩගින්නේ උඩට දිවූවේ නැ .හරි සරලයි .....කලබලයයි ,වේගයයි හොදටම ඇති එලියට ගිහින් පස්චාත්බාගේ රත්වෙන දේශනයකට ගිහින් ඔලු පුරවාගෙන එන්න ....  සමහරු ඔලුව පුරවගන්න යනකොට තවත් සමහරු හිතපුරවගන්න යනවා ... තවත් සමහර වැඩකාරයෝ ඔය දෙකම ගානට පුරවගත්තා ....

                අහරෙන් මෙහෙන් කලුවරවෙනකොට එකා දෙන්න හෙමිට ඇදෙනවා අයෙමත් හොස්ටල් එකට .... සමහරු ජීවිතෙන් බාගයක් එළියේ කොහේ හරි හංගල එනකොට තවත් සමහරු ජිවිතේම අරන් එනවා .... සමහරු කදුළු අරන් ආවා ... තවත් අය සින්දුවක් අරන් ආවා ..... එන්න එන්න කලුවරවෙනකොට වෙනම ලෝකයක් ...... සමහර දවස්වලට නයිට් ක්ලබ් එකක් වගේ සැර බිමක් නැතුවම ජිවිතෙන්ම මත්වෙලා .... හිත්වල තියන දුක සතුට කියාගන්න බැරි හැගීම .... මේ හැමදේම හයියෙන් කැගහල කියන සින්දුවක් අස්සේ හිරකරලා අතාරිනවා ..... සමහරු නටනවා .... තවත් අය බලන් ඉන්නවා .... ජිවිතේ ගෙවෙනවා කාලයත් ගෙවෙනවා... සද්දේ වැඩිවෙනකොට මෙට්‍රන් එනවා .....මෙලෝ රහක් නැති කතාවක් අස්සේ අපි නිහඩ වෙනවා .... එයා  යනකන් විතරක් ... හැමදාම තර්ජනේනම් කරා අපිව සස්පෙන්ඩ් කරනවා කියලා .... එත් කැම්පස්  ඒකෙන එලියට  ඇවිත් මාසගනකුත් උණා තවම සස්පෙන්ඩ් උනේ නැ .... 

               රැ 10  විතර වෙද්දී පෝලිමට කට්ටිය මල් කඩනවා ....සමහරු මහා හයියෙන් අඩනවා තවත් සමහරු හිනාවෙනවා ......රණ්ඩුත් වෙනවා.... තවත් අය කොල් එකක් එනකම් බලන් ඉන්නවා ...... ඔය සේරම අස්සේ තවත් කට්ටියක් උලත් එකයි මලත් එකයි කියලා මේස උඩ නැගල එක එක චැනල් වල මෙගා බලනවා .... හරිම සුදරයි ... හරිම දරුනුයි ... හොස්ටල් ජිවිතේ .....

               ඩොම් එකේ එහා කොනේ කෙල්ලක් කෑගහනවා උදේ බොලිවුඩ් පැත්තේ ඇවිදලා හොයාගත්ත ෆිල්ම් එකක් බලන්න .... වැඩිපුරම කට්ටිය බලන්න සෙට් වෙන්නේ කොරියන් ආදර කතා තමා .... ඔන්න ඉතින් ෆිල්ම් පිස්සියෝ ටික වෙන වැඩක ඇත්තෙම නැ වගේ දුවනවා එතෙන්ට..... පේලියට ඇදන් උඩට සෙට් වෙනවා දැන් සද්ද නැ ... නීති ගොඩයි .. හරි සුන්දරයි ..... ෆිල්ම් එක දුක හිතෙන එකක් නම් ඔන්න කට්ටියම අඩන්න සෙට් වෙනවා .... "ආයේ නම්  දුක හිතෙන ඒවා බලන් නැ මචෝ ..." හොටු පෙරාගෙන අඩන එකියක් කියනවා .. :"හරි හරි හෙට වෙන එකක් බලමු පට්ට එකක් ..." තව එකියක් සැනසෙන්න කියනවා .... 
   
              ෆිල්ම් ඒකෙන ලැබුණ මොකද්දෝ එකයි තමන්ගේ ජිවිතේ තියන මොකද්දෝ අමු ගතියයි ,ඔයා දෙකම ඔලුව අස්සේ හිරකරගෙන එකා  දෙන්නා තමන්ගේ ඇදන් වලට ඇදෙනවා .... ඊට පස්සේ මලක් කඩන්න කොල්ලෙක් නැති එකී අල්ලපු ඇදෙ මලට කන දාලා ඒ මලත් එක්කම නිදා ගන්නවා .... එලිය වැටෙනකම් සමහර ඇදන් මල් කඩනවා ..... හරි ලස්සන ප්‍රේම පුරාන ..... සමහරු තද නින්දේ .. සමහරු අඩ නින්දේ .... තවත් සමහරු.........? විභාග නැති දවස් ගෙවුනේ  ඔය විදිහට තමා ....  

             ජිවිත එකිනෙකට වෙනස් එත්  ඒ වෙනස් ජිවිත එකට ජීවත්වෙන අබියෝගය හරි ලස්සනට හෝස්ටල්  ජීවිතෙන් අල්ලගන්න අපිට පුළුවන් උනා ...ඔය සේරම අස්සේ  රහ පැත්තකින් තියල පොතක් විතරක් බදාගෙන ජිවත් උන අයත් ඉන්නවා  .... එත් මන්නම් දැක්කේ හරි අඩුවෙන් .... හැමදේම සමබර හොස්ටල් එකක් ..... කෙටිකාලින නවාතෑන්පලක් .....ඉදල හිටලා දේශපාලන වලියක් බහුතර සුළුතර ගැටුමක් .. බැජ් ප්‍රශ්නයක් නොතිබුනා  නෙවෙයි ..... ඒ මේ ජිවිත හරි ලස්සනට ගෙවුනා ... එත් ඒ  ලස්සනට පාටක් වැටුනේ ඔලුව පුපුරන්න තරම් වේදනාවන් එක්ක තැනින් තැන හුදකලා උන චරිත එක්කම තමයි ...  ජිවිතේ විශාල ශාලාවක් ඇතුලේ බෙදාගන්න ලැබුනේ හරි විසාල විදිහට ... අඩන හිනාවෙන ජිවිත ... කතාකරන තර්ක විතර්ක ... ආදරය , ලිංගිකත්වය ... අසම්මත, සම්මත රසාස්වාද  හරුප මේ හැමදේම අපිත් එක්ක තිබුනා .... 

            හැම ලස්සන දෙයක් එක්කම කැත කුණු කලුපාට දේවල් හොස්ටල් ඒකෙන් හොයාගන්න පුළුවන් උනා ... ජිවිත ජිවත් වෙන විදිහ ... ජිවිත විනාශවෙන විදිහ ... ජිවිත ඔහේ ගෙවිල යන විදිහ මේ හැමදෙයක්ම එක තැනකින් අල්ලගන්න අපිට පුළුවන් උනා... 

          ජිවිතේ අමතක නොවෙන මතකයක් ගෙනාපු මගේ හොස්ටල් එක ගැන ඇබින්දක් අද ලියන්න මට හිතුනා ..... 

-ෂදී -



              

           

7 comments:

  1. mata ape hostel jeewithe mathak una..lassnata liayala thiyanawa..well done keep it up

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සුපිරිය,, හොස්ටල් එක මැවුනේය... :)

    ReplyDelete
  4. හ්ම් හ්ම්...කොල්ලොන්ගේ එව්වා මීට ටිකක් වෙනස්

    ReplyDelete
  5. මේ ඔයා ලියලා තියෙන්නේ හොස්ටල් එක ගැන නෙමෙයි.ඇත්ත ජිවිතේ ගැන.

    "ෆිල්ම් ඒකෙන ලැබුණ මොකද්දෝ එකයි තමන්ගේ ජිවිතේ තියන මොකද්දෝ අමු ගතියයි ,ඔයා දෙකම ඔලුව අස්සේ හිරකරගෙන එක දෙන්නා තමන්ගේ ඇදන් වලට ඇදෙනවා ...."

    අපි හැමදාම කරන්නේ අනිත් අය අපිට පෙන්වන ෆිල්ම්ස් වලින් මොකක්දෝ එකක් අරගෙන අපිට ජිවිතේ තියෙන අමු ගතියයි ඔලුවේ හිර කරගෙන "තමන්ගේ ඇඳ"න් වලට යන එක තමයි.

    නියමයි සහෝදරි.සිංහලයේ රසවත් වචන යොදාගෙන තවත් මෙවන් ලිපි ලියන්නට දිරිය,සවිය පතමි.

    ReplyDelete
  6. ප්‍රතිචාර දක්වපු ඔයාලට ස්තුතුවෙවා !!!

    ReplyDelete
  7. සුපිරි ඈ.... :D :D
    ලස්සනට ගැලපුන ඒ වචන ටිකක් එක්කල මටත් අපේ හොස්ටල් ජිවිතේ මතකෙට ආව

    අෂ්කර විඥ්ඥාශේ ත් හදාගත්ත නම් මරේ මරු

    ReplyDelete