"ෂදී එක්ක "
අකුරු වලට හුස්ම දෙන්න
Wednesday, August 29, 2012
හදිස්සියක් ....
"වේගෙන් ගියොත්,
ජිවිතේ විදින්න අමතකවෙයි ...
හෙමින් ගියොත් ,
ජිවිතේ පරාදවෙයි....
ඒත් ,...
දෙකම ඕනේ ...
ගානකට යන්න
පොඩි තල්ලුවක්
ලැබුනොත් ...
ඇදගෙන වැටෙයිද මන්ද ...? "
-ෂදී -
Tuesday, August 28, 2012
තත්පර 30 ...
"දවසකට
පැය 24 ක්ම තියනවා,
විනාඩි වලින්
1440 ක් ...
තත්පරම
86400 ක් ...
ඔයා තත්පර
86400 න් වටිනාම
තත්පර 30 ක්
මට දෙන්න
ආදරෙයි කියන්න .... "
-ෂදී-
Sunday, August 26, 2012
ජිවිතේ...
අපි කාලයක් ගන්දබ්බව ඔහේ ජිවිතේ උඩ ඇවිදිනවා ,හරි හදිස්සියෙන් වගේ දවසක සිහිකල්පනාව එනවා .... ඔන්න පටන්ගන්නවා පොලවේ පයගහල ඇවිදින්න .... එහෙම ඇවිදිනකොට කකුල් ගොඩක් රිදෙනවා කියලා දැනෙනවා ... අන්න අපි ජිවිතේ පටන්ගන්නවා ....
-ෂදී -
Saturday, August 25, 2012
මට හිතුනා ..... 03
හොස්ටල් එක
ජිවිතේ අහුවෙන තැනක් හම්බෙලා තියනවද? ....අපි හැමවෙලේම කරන්නේ ජිවිතේ අල්ලගන්න පුළුවන් තැන් හොයන එක. එත් සමහර වෙලාවට අපි දන්නෙම නැතුව අපිට ජිවත් වෙන්න අමතක වෙලා යනවා ... එක එක ජිවිත එක එක තැන් වල රස්තියාදු ගහනකොට ඒ රස්තියාදුකාර ජිවිත එක තැනකට විසිකරන තැනක් තමයි හොස්ටල් එකක් කියන්නේ ... හරිම සරල නිදහස් තැනක්. එත් එහෙම පෙනුනට තනි තනි ජිවිත හරි සංකීර්ණයි . එක එක්කෙනා තමන් ඇතුලේ හුදකලා වෙන්න හදනකොට ඒ සංකීර්ණත්වය එලියට එනවා ....
Read more »
Monday, August 20, 2012
ඉක්මන් සඳ ....
"ඉක්මන් සඳ නික්මන් වී අහසින්
ගෙත්තම් කල හිත් අහසට ඇවිදින්
සිත්තම් කල සිතල දෙතොලක
සායම් දියකර නතර උනා .....
රාත්රියක හිත තියලා සිතල පොරවා
සිහින් ස්වරයම උනා පද පේලිය අස්සේ
ඉහිරී වැටෙනා පිනි අග දිදුලන නුබේ
සෙනෙහසක උණුසුම හදේ පතුලටම දැනුනා
කිරිකෝඩු නොවෙන කිරිකෝඩු කිරි පට හීනයේ
පට සොයා සායම් කරන්න
ජීවිතය පුරාවට අත්වැල වන්නට අහසින් පොළවට
නික්මන් සඳ ඉක්මන් කර ආවා ......"
-ෂදී -
Friday, August 17, 2012
එක්කන් යන්න ....
"රාත්රියක සිතල අරගෙන
මහා දවාලක උනුහුමක් තියාගෙන
නුබේ තුරුලට
හැන්දෑව වහේ මම ආවා ....
සියෝලගම වෙලාගත් නුබේ සුවදින්
සිත ගත හරි හදිස්සියෙන් ඇහැරුණු විට
ආදරයේ අකුරු කෙරුවා මම
නුබ සමග දැවටී .....
ඇවිදින්නට ජීවිතය උඩින්
මා එන්නම් නුබ ලගින්ම
එක්කයන්න මා
නුබේ ලෝකයේ ඇතුලටම .... "
-ෂදී -
Monday, August 13, 2012
රෝහල ..
"ඉස්පිරිතාල
ඇද.....
තප්පරයක්
ගෙවෙන්න ,
විනාඩියක්
ගතවෙන
මුසලම තැන..."
-ෂදී -
Thursday, August 9, 2012
මිනුම .....
"කිලෝ මීටර, කිලෝ ග්රෑම්
නෑ නෑ ...
සෙන්ටි මීටර ..
මිලි මීටර ....
එහෙමත් නැත්තම්
රාත්තල් ... අඩි...
වියත් ....
අනේ
මැනගන්න බැනේ
මට ... ,
කිරල මැනල
කොහොමද දෙන්නේ ?
තේරෙන්නේ නැ.....
කිරුවට මැන්නට ,
ඊට වඩා වැඩියි නේ ...
මගේ
ආදරේ ... !!! "
-ෂදි-
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)