මම මේ දකින්න හදන්නේ හීනයක්ද? තව ටික වෙලාවකින් මම යන්න හදන්නේ තව කාලයක් ගිහින් හොදට සල්ලි ටිකක් හම්බකරගෙන යන්න හිතපු තැනකට නේද? හීනෙකින්වත් හිතුවේ නැ අතේ සතයක් නැතුවම ඒ දවස ලං වෙයි කියලා.මුළු හදවත පුරාම සතුටක් ගලනවා වගේ දැනෙන්න පටන්ගත්තේ හීනියට දාපු දඩියකුත් එක්ක.
හෝල්ට් එකට ආව ගමන බස් එකක් ආවම අනේ අම්මේ...! කියල තමා මට හිතුනේ.කෙල්ල දැක්ක මුල් දවසේවත් ගැහුනේ නැති ඇගිලි මහා හයියෙන් ගැහෙනවා කියල දැක්කේ බහින තැන කියල සල්ලි දෙනකොට.වෙනදට වඩා වේගයෙන් බස් එක අවදා මන්ද? .අනේ මගේ චුටි කෙල්ල හරි ලස්සනට මම එනකම් බලන් හිටියා.
නිම්මි උඩ ඉදන් පල්ලෙහට මගේ දිහා බැලුවා .කවදත් මාව හිරි වට්ටපු එයාගේ ලස්සන ඇස් දෙක මගේ කකුල්දෙක උඩ නතර උනා .මම දාලා දාලම කලුපාට වෙලා තිබුණු සේරෙප්පුදෙක ඇදන් හිටිය ඩෙනිමට ගැලපුනේ නැ කියල නිම්මිගේ ඇස් දෙකේ හරි ලස්සනට පැහැදිලිව ලියල තිබ්බේ මගේ මුණ රතු කරගෙන ....
"යමු..... වෙලා තියනවනේ බස් එකේම යමු නේද? ..... " ඒ නිම්මි
හැමදාමත් මම ආසකරපු ඒ පලතුරු සුවද අදත් හොදට මගේ නහයට දැනුනේ කෙල්ලට රිදෙන්න දුන්න පලවෙනි කිස් එකත් මතක් කරගෙනමයි . හන්දියේ කඩෙන් අරගෙන ඇගපුරා හලාගෙන ආපු මගේ සෙන් කුප්පියේ සුවදත් ඔයා අස්සේ ජනලෙන් අපු හුලාගත් එක්ක එලියට අවා .පුදුමෙකට වගේ ඒ දුප්පත් සුවදට නිම්මි කැමති උනා. බෝතලේ ඉවර උන දවසට මොකද කරන්නේ කියන එක තමා මගේ ප්රශ්නේ . එක පාරක් අහම්බෙන් හම්බුන සුවද දෙවෙනි පාරටත් අහම්බෙන් හම්බෙයි කියලා හිතන්නේ කොහොමද?
අම්මෝ.... අවුරුදු හතරක් තිස්සේ කැම්පස් බඩගානකොට මහා විශාලවට පෙනුණු තැන නේද? මේ ගමෙන් ආපු කොල්ලා හිටගෙන ඉන්නේ ... ආයෙමත් හීනියට දඩියක් දාගෙන කකුල් දෙකත් පන නැතිවෙලා යනවා වගේ මට දැනුනා.ඒක නිම්මිගෙන් හංගාගෙන සුපුරුදු ලෙස පුරුදු විදිහට ඉන්න ලොකු සටනක් කරන්න මට සිද්ද වුනත් මගේ ඇස් වටපිටාවෙන් පිරිලා තිබුනේ .
නිම්මි හරි හරියට තෝරනවා.මම මේ අමුතු ලෝකේ පාට අස්සේ හිරවෙලා එලියට එන්න බැරුව දගලනවා.තට්ටුවෙන් තට්ටුවට නිම්මි යනවා මම යැවෙනවා .නිකමට වගේ මාත් ආසාවට ඇදුමකට අත තිබ්බා.පුරුද්දට වගේ ඇදුමට කලින් අත ගියේ ඇදුමේ කෙලවරේ උජාරුවට එල්ලුණු කාඩ්බෝඩ් කෑල්ලට .ජිවිතෙටවත් රුපියල් 500 කට වඩා ඇදුමකට වියදම් නොකරපු මට ඉලක්කං හතරක රෙද්ද දැකපු ගමන් මගේ කටේ කෙලත් හිදුනා.අතට අරන් ඇගට තියලවත් බලන්නේ නැතුව අඩියක් දෙකක් පස්සට උනා.මේ කිසි දෙයක් නොදන්න නිම්මි තාම තෝරනවා. මටත් තොරන්නලු ...
පාට , සුවද , ඉංග්රීසි කැලි අස්සේ හිරවෙලා ගල්වෙලා මම නිම්මි පස්සේ වැටුනා.සේරම අමතකවෙලා ගිහින් මට මාව මතක් උනේ මේ වෙලාවේ. නිම්මි මගේ නිම්මි ඔයා ඇත්තටම හොද කෙල්ලක් එන්න අසාවෙන් හිටිය තැනකට එක්කන් ඇවිත් මේ ගොඩයට මැජික් පෙන්නුවා.මැජික් එක මැජික් එකක් නොකරගන්න මට දැන් බැ. මමත් දුවනවා ... හිතත් දුවනවා .. ඇහැත් දුවනවා ...
කොහෙහරි අස්සක කඩේකින් ලස්සන පාට ටිකක් ගලපලා අදින්න පුරුදුවෙලා හිටපු මට මගේ පුංචි නංගී මතක් උනා .අමාරුවෙන් හොරට එකතුකරගන්න සල්ලි වලින් ගන්න බ්ලවුස් කැල්ලක් ඇදගෙන ක්ලාස් යන මගේ නංගි .... ඒ පොඩි ඒකිගේ වයසේ කීදෙනෙක් දැන් මාව පාස් කරාද? නිම්මි ඔයාට ගොඩක් පින් තව එක පාරක් ඔයා මාව මෙතෙන්න එක්කන් එන්න මට ටිකක් පුරුදු වෙන්න. එතකොට මට පුළුවන් වෙයි ආඩම්බර සහෝදරයෙක් වගේ මගේ නංගි එක්කන් එන්න...... දවසක .තව මට පුළුවන් වෙයි මගේ චුටි නිම්මි කෙල්ලට ලස්සන ඇදුමක් තෝරලා දෙන්න. අදුරුදු හතරක් කපු කට්ටට හරියන්න ජොබ් එකක් හම්බුන දවසක ඔයාටයි මගේ චුටි නංගිටයි දෙන්නටම ඇදුම් තෝරලා අරගෙනම දෙන්නම්කො ....
නිම්මි ඇදුම් කැලි දෙක තුනකුත් අරගෙන එයාම සල්ලි ගෙවල එතනින් එලියට අවා .මම නිම්මි දිහා බැලුවා . එයා සතුටින් . මම හින මවනවා නොදන්න හෙට ගැන. මට කියන්න හිතෙනවා අයෙමත් දවසක එමු කියලා . එත් මම වචන ටික ගිල්ලා නිම්මි මොනාද කියන්න හදපු නිසා.
"අපි අයිස්ක්රීම් කමු.... "
" හා " ඒ තනි වචනේ මගෙන්
නිම්මි අයිස්ක්රීම් කප් දෙකක් එක්ක මගේ ලගින් වාඩි උනා. එක දකිද්දී කවදත් අයිස්ක්රීම් කන්න කැමති මගේ අම්මා මතක උනා. ඒක අමතක කරලා මම නිම්මිට හිනාවෙලා අයිස්ක්රීම් කප් එක අරගෙන කන්න ගත්තා.
" ආපෝ..... ඔයා එක්කනම් මම ආයෙත් ෂොපින් එන්නේ නෑ.... හරිම කම්මැලියි ..... මට එපා උණා. ..."
මම රතු උණා.කටට ගත්ත අයිස්ක්රීම් එක කට ඇතුලේ දිය උණා. මම මම ඇතුලෙම දියවෙලා ගියා .
-ෂදී-
සුපිරි හොඳේ..
ReplyDeleteඇඩෙනවා..
ReplyDeleteනියමයි............
ReplyDeleteමැවෙනවා .....
ReplyDeleteස්තුති ,,,, සතුටුයි ...
ReplyDeleteSome error in my sinhala fonts so im not sure how to vote this as interesting...this is great work.Keep it up
ReplyDelete