Thursday, November 8, 2012

කෙටි කතාවක් 04

            හතර අතේ ඉල්ලුම්පත්‍ර දාපු රස්සා වලින් ඉන්ටවිව් කතා කරන්නෙත් බස්  එකේ තියා  පයින් යන්නවත් රුපියල් 100ක් හොයාගන්න බැරි වෙලාවක. කොල් එක ආව ගමන්  මම බැලුවේ කට ඇරගෙන මගේ  මුණ දිහා බලාගෙන ඉන්න අම්මා දිහා.අප්පච්චි හැමදාමත් වගේ සද්ද නැතුව ටීවී එක දිහා බලාගෙන හිටියා.

        

 "ආයෙත් දාගත්තද? වැඩක් නැති ගමනක් ...." ඒ අම්මාගේ සෙනෙහස කතා කරපු විදිහ. 

        උත්තර ගොඩාක් තිබුනත් සේරම එක පොදීයට හිරවෙලා උගුර ඇතුලේ දගලනවා.ඊලග තත්පරේ අහාන්න හදන ප්‍රශ්ණේ අහන්න කලින් කකා හිටිය බත් පිගාන පැත්තකින් තියලා අතත් හොදගෙනම හෙමිට කාමරේට රිංගුවේ මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව.

        අවුරුදු 25 ක කොල්ලෙක් වෙලා උපධියකුත් තියාගෙන තාමත් මම ජිවත්වෙන්නෙත් අප්පච්චිගේ පෙන්ෂන් ඒකෙන්.හෙට උදේට අප්පච්චි , බස් එකට සල්ලි ඉල්ලන්නත් කලින්, ගුලි කරලා මගේ අතේ තියනකොට මගේ පපුව අස්සේන්  පත්තු වෙන ගිනිගොඩ දන්නේ මම විතරයි . උගුර ලේ රහවෙනකම් කැගහලා උගන්නලා ගෙදර අරන් එන පඩියෙන් තමයි අපි පස් දෙනාම මේ දැනුත් ජිවත් වෙන්නේ. 

        අමාරුවෙන් ඉගෙන ගෙන කැම්පස් ගියේ හින ගොඩක් එක්ක හරි ආඩම්බරෙන්. එත් කැම්පස් එක ඇතුලේදී ආදරේ ඉස්පොල්ලේ ගිහින් ලෙක්චර් කෙනෙක් වෙන්න දැකපු  හීනෙ ඔලුව ඇතුලෙම කුරුවල් උනා .ලෙක්චර් හෝල් එක පෙනී පෙනී මම එයා එනකම් බෙන්ච් එකට වෙලා බලාගෙන හිටියා. අන්තිමට දවසක් එයා ඇවිත් බෙන්ච් එකේ වාඩිවෙලා මට යන්න කිවා. ඉතින් මම ගියා, එතකොට ලෙක්චර් එක ඉවරවෙලා ළමයි ගෙදරත් ගිහින්.හුම්ම්ම්ම්ම් ............. දිග හුස්මක් පිට උනේ අතීතෙට සාප කරන්න බැරි තරමට මම ආදරේ කරපු නිසා.

       කැම්පස් ඒකෙන්  එලියට ඇවිත් රස්සාවක් හොයාගන්න පාරවල් කියක දාඩිය පෙරාගෙන මම ඇවිද්දද? කියක් නම් රස්සා කියලා හිතාගෙන දේවල් කරාද ? එත් ඒ හැම තැනකම අහිංසක මාව ලගට අරන් ආදරෙන් ඔලුව අත ගාලා හයියෙන් ටොක්කක් අන්නාම තමයි තේරුනේ මම ආයෙත් රැවටිලා කියලා . 

        හැමෝම කැගහලා කියනවා හොද ජොබ් එකක් හොයාගන්න මොන උපාධිය තිබ්බත් වැඩක නැ කඩ්ඩ පොලිෂ් නැත්තම් කියලා. එක ඇත්ත මටත් හිතුනා. ඕක අවුරුදු 4 කට  කලින් කිවනම්  කැම්පස් ගමන පැත්තකින් තියලා කඩ්ඩ කෝස් 10 ක් විතර කරන්න තිබ්බා. මොන උනත් කඩ්ඩ බොක්කටම වැදුන නිසා අදුරන අන්කල් කෙනෙක්ට කතා කරලා බැලුවා නොමිලේම වැඩේ ගොඩ දාගන්න පුළුවන් නිසා. 

  " පැයට 500 පුතා .... ඔයා ඕනේ වෙලාවක එන්න ..... "

       පු ..... ඉංග්‍රීසි වල ගණන් ..... පැයට 500 ක් තියා දවසට සත පනහක් අතේ නැති මට ඉංග්‍රීසි හෝඩියම වමනේ ගියා වගේ දැනුනා. වෙන මොනවා කරන්නද ? ඇද අස්සේ පෙට්ටියක දාලා තියෙන පරණ ඉංග්‍රීසි පොත් ටිකේ දුවිලි පිහලවත් ගන්නවා අඩු තරමේ ලග තියාගෙන නිදාගන්නවත් .

     ඒ ඔක්කොම අස්සේ ඔයත් කියනවා මම කිසි වටිනාකමක් නැති මිනිහෙක් කියලා. ඉතින් ළමයෝ මට වටිනාකමක් නැති නිසා තමයි වටිනාකමක් තියන ඔයාව මම ආදරේ කරන්න තෝරාගන්නේ . ඒ මොන උනත් මම ඔයාට ආදරෙයි මගේ කෙල්ලේ ..... විස්වාස කරන්න මාව..., තව පොඩ්ඩක් ඉවසල ඉන්න .. මම ඉක්මනට මොනාහරි ජොබ් එකක් හොයාගෙන ඔයාව පුදුම කරවන්නම් ..... මේ වගේ අසරණ වෙලාවට තමයි සේරම පැත්තකින් තියලා ඔයවා බදාගෙන අඩන්න හිතෙන්නේ. ඇත්තමයි මගේ කෙල්ලේ  ඔයා විතරයි මගේ පණ ගැහෙන නහරෙකට ඉතුරුවෙලා ඉන්නේ .

        මම හෙට උදේම එන්නම් ,යන්න විතරක් සල්ලි හොයාගෙන ආවොත් අපහු එන්න කියක් හරි ඔයා මගේ අතේ ගුලි කරයිනේ ....ඒකරලා  හෙට  ඔයාගේ ගෙදර නවතින්නම්. ඔයා අම්මට හොරෙන් ඇවිත් මාත් එක්ක මගේ ලගටම වෙලා ඉන්නවා නේද? මට ඒ හොදටම ඇති තව අඩි  දෙක තුනක් ඉස්සරහට හිතන්න. මට කියන්න බැරි උනාට මම ආසයි ඔයාගේ කකුල් දෙක උඩ ඔලුව තියාගෙන නිදාගන්න. ඔය හෙමිට ඔලුව අත ගානවා නේද? ඔයාගේ හිනි ඇගිලි මගේ කෙස් අස්සෙන් යනකොට ඔලුව ඇතුලේ පුපුරු ගහන සේරම ප්‍රශ්න දියවෙලා යයි.ඉවසන්න බැරිම තැන මම රිං කට් එකක් දැම්මා.  විනාඩියක් ගියෙ නැ ... කෝල්  එක ආවා.

"හලෝ ශාලි ....." හරි ආදරෙන් මම කතා කරා .... 

"හලෝ දසුන් කියන්න ...."

"මම හෙට කොළඹ එනවා ... අර ඉන්ටවිව් එකට දැන් කෝල් කරා" 

"ම්ම්ම්ම් හොදයි .... හොදයි එන්නකෝ .... ඔයා  එන්නේ අපහු යන්න බලාගෙන නේද?............. මාත් කැමති ඔයා අපේ දිහා නතරවෙලා අපේ ගෙදර අය එක්ක උනත් ජොලියේ ඉන්නවට ... එත් ඔයා  එන එක අඩු කරන්න .. මුකුත් හින්දා නෙවෙයි ඒක ඔයාට හරි නැ .. එකයි ....... ඔයාට තේරෙනවනේ මම කියනදේ... "

"අයියෝ ..... නැ ශාලි ..... පිස්සුද ? මම කොහොමත් යන්න බලාගෙන තමයි එන්නේ ..... "

"හරි හරි එහෙනම් ඔයා එන්නකෝ ... වෙලා තිබ්බොත් මම ලන්ච් ටයිම් එකේ පොඩ්ඩක් එලියට එන්න බලන්නම් .... එත් ෂුවර් නැ ... මේ දසුවෝ .. මම පොඩි වැඩක හිටියේ මම පස්සේ ගන්නම් .... "

"හරි .... බායි " 


      ෆෝන් එක කට් උනා . මම ඇදේ  හාන්සි උනා ..... හිතට ආපු දේ ලියල තියන්න හිස් කොලයක් හොයාගන්න බැරි උනා. හැම කොළ කැල්ලකම මොනාහරි කුරුටු ගාලා .අලුතෙන් හාෆ් ෂිට් කොළ දෙක තුනක් ගන්න සල්ලි හම්බුනා දවසක හිතට අපු දේ ලියල තියන්නම් ... මම මටම කියා ගත්තා. 



     
        

2 comments:

  1. ප්‍රදීපාගායක් නැති සයුරක ඉබාගාතේ යන නෞකාවක් වුනු අපේ තාරුණ්‍ය

    ReplyDelete
  2. මොකක්ද මන්දා...
    ‍ේමක කියවලා ඉවර උනාට පස්සෙත් දැනෙනවා..

    හිතට ආපු දේ ලියල තියන්න හිස් කොලයක් හොයාගන්න බැරි උනා. හැම කොළ කැල්ලකම මොනාහරි කුරුටු ගාලා .අලුතෙන් හාෆ් ෂිට් කොළ දෙක තුනක් ගන්න සල්ලි හම්බුනා දවසක හිතට අපු දේ ලියල තියන්නම් ... මම මටම කියා ගත්තා.

    ඉවර කරලා තියෙන විදිහත් මරු..



    ReplyDelete