Sunday, October 7, 2012

කෙටි කතාවක් 03

                 හරි තදේට ඉර පයලා .අතේ තිබුණ කුඩේ අරන් ඉරේන් බේරෙන්න දිගැර ගත්තට ඒ පුංචි කුඩේට බැරි උනා ඉරත් එක්ක හැප්පෙන්න .කොහොමත් මේ ගෙන්දගම් පොළවෙන් මගේ ඔලුවට වැටෙන සැර කවදත් මට දරාගන්න අමාරු උනා. අන්තිමට ඇහේ කැක්කුමකුත් හැදිලම තමයි ඒ රස්නිය  කෙලවර උනේ .




               වෙනදා වගේ නෙවෙයි ඉරේ රස්නේ පරද්දන්න මගේ බඩ පාර මැද මහා හයියෙන් කැගහනවා බඩගිනි කියලා. වටේ පිටේ මාව පාස්  කරගෙන යන අයට බඩේ සද්දේ අහගෙන ඉන්න වෙලාවක් තිබුනේ නැති නිසා හොදයි. පාර පැනලා මේ පැත්තට ආවේ බෝඩිමට යන බස් එක අල්ලගන්න.අනේ මන්ද මේ රස්සාවවත් හරි ගියේ නැත්තම් මේ ගිනිගහන පොලවට තිත තියලා ගෙදර යන්න තමයි වෙන්නේ .හුම්ම්ම්ම් එහෙම ගියොත් මම කොහොමද හවසට ඔයා එක්ක හුරතල් වෙන්නේ ? .ඉගෙනගත්ත දේවල් විකුණගන්න මෙච්චර අමාරුයි කියලා දන්නවනම් අවුරුදු 4 ක  කදුලුයි මහන්සියි පැකට කරලා පෙමන්ට්එකේ විකුනන්න තිබ්බා. එහෙනම් ඩිග්‍රිය විකුනලා සල්ලි හොයනවට වඩා ඉක්මනට සල්ලි ගොඩක් හොයන්න තිබ්බා . කොහොමත් මේ  මිනිස්සුන්ට අනුන්ගේ දුක හරි මාකටනේ.අර අටෙනුයි මේ අටෙනුයි රටවටා රවටලා කියයි උපාදිධාරිනිය දුක පැකට් කර විකුණයි ! .... කියලා. සමහරු කියයි රජය පෙරලන්න ගත් කුමන්ත්‍රණයක් කියලා , ජාතිවාදී අරගලයක ඇරබුමක් කියලා ... මල විකාර .... කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ කටපාඩම් කරගත්ත ** හබ්බ මතක් වෙන්නේ මේ වෙලාවට තමයි .....

              එ අස්සේ තනියම හිනත් යනවා .හුම්ම්ම්ම් තඩි හුස්මකුත් එලියට පැන්නා.කැම්පස් එක මතක් උනාම එකපාරට බිදුණු ප්‍රේමය එලියට එනවා .එත් ඒ සේරම ඉවරයි .දැන් අලුත් ජිවිතයක් . හිතාගන්නවත් බැරි විදිහට ජිවිතේ වෙරි වෙලා කබරයා දානකොට මෙච්චර හයියෙන් මාව අල්ලගන්න ඔයා වගේ මනුස්සයෙක් ඉදි කියලා කවදාවත් මට හිතුනේ නෑ ..... මම ආදරෙයි .... හරි අහිංසක විදිහට ....

             අතේ රුපියල් 500/= ක් තිබුනා.හෙන ගැහුවා වගේ මතක් උනා ඔයාට මුකුත් අරන්දෙන්න ඕනේ කියලා.හොද වෙලාවට තාම නුගේගොඩ ලවර් එක පහුවෙලා නෑ .ආදරේ කරන්න පටන් අරන් සති දෙකක් වත් නෑ .ඉදුල් වෙන්නේ නැති ලස්සන දෙයක්   "ම්ම්ම්ම්ම්ම් මොනාද ? පුංචි දෙයක්  ගන්නවා ........ දෙන්නටම එක වගේ පුංචි මුදු දෙකක් ගන්නවා ....... ඔයා  මුදු දානවද? ...... දායි දායි  මමනේ දෙන්නේ ..... " ඔන්න ඔහොමයි ලවර් එකට රිංගන්න තප්පර දහයකට  කලින් මට හිතුනේ .

            කවදත් සුකුරුත්තන් බඩුවලට කැමති මගේ ඇස් වටේට කැරකෙනවා, නවත්තා ගත්තේ හරි අමාරුවෙන්  .

"ආව වැඩේ කරපන් ......මෝඩියේ......... " ඒ මගේ හිත මාව නවත්තපු හැටි .

         
           තෝරලා තෝරලා අන්තිමට මුදු දෙකක් තෝරාගත්තා . අනේ .... මුදු දෙකම ගත්තොත් කන්න සල්ලි මදි දැන් මොකද කරන්නේ ? කමක් නෑ එහෙනම් ඔයාට විතරක් ගන්නවා මම මගේ එක පස්සේ ඇවිත් අරන් යනවා .... දෙකට නමලා දාගෙන හිටිය සල්ලි දීලා මුද්ද ගත්තා .

            අද හවසට මම ඔයාට මේක දෙනවා . ඊලග ප්‍රශ්නේ කොහොමද දෙන්නේ .????? මහා හයියෙන් පපුව ගැහිලා ලැජ්ජාවේ පණයන්න වගේ . කවුරුත් දෙපාරක් හැරිලා බලන්න තරම් පෙනුමක් මට නැති නිසා හොදට ගියා නැත්තම් මේ කෙල්ල මොකද මේ දාඩිය පෙරාගෙන රතුවෙලා තනියම හිනාවෙන්නේ කියලා පාරේ ඇවිදන් යන මිනිස්සු ඇස් ලෝකෝ කරගෙන බලයි .

            ඇස් දෙක වහගන්න කියලා එක පාරට ඇගිල්ලට දානවා. ඒක හරියන්නේ නැ .... එතකොට මම බොළදයි කියලා හිතයි . එහෙනම් ශේප් එකේ බැග් එකට දානවා .අනේ මන්දා ... ඇගත් සිතල වෙලා , බස් එකත් ආවා .ආයෙම ආදරේ යට ගිහින් බඩගින්න උඩට එනවා. හිතුව ඇති එන විදිහට , වෙලාවේ හැටියට වැඩේ කරනවා .

               අපොයි ...... කැම කඩේ වහලා. තවත් නම් පයින් ඇවිදන් ගිහින් වෙන තැනකින්  බඩ පුරවගන්න ඇගට හයියක් නැ . දැනටමත් 3 ට කිට්ටුයි .බෝඩිමට ගිහින් තඩි තේකක් බිලා හොදට නිදාගන්නවා .හවස ඔය එයිනේ කන්න මොනාහරි අරන් දෙයි...

             බඩගින්න උඩුදුවනකොට නින්දයන්නේ මොන යකාටද?  සැරෙන් සැරේ මුද්ද මගේ අගිල්ලකට වැටිලා ආපහු ඇදට වැටුනා .නින්ද යාගෙන එනකොට තමයි ඔයා කතා කරේ .

"හලෝ .... නිදි නේද? ....."

"ඔව නින්ද ගියා  චුට්ටක් ..... ඔයා  හවස එනවද? ..... " ඇදෙ පෙරලෙමින් ඒ කතා කරේ මම

"බැ චුටි .... මම අද ටිකක් කලින් ගෙදර යනවා ..... හවසට එන එක පුරුද්දට ගියොත් මට හවසට  කිසි වැඩක් කෙරෙන්නේ නැ "  එයා  එහෙම කියනවා මට ඇහුනා . මම මගේ නිහඩතාවය රැක්කා ....

"හලෝ ... ඇයි?.."  එයට ප්‍රශ්නයක් .එත් මට, උත්තර නැ ...

"ඔව නේද? ඔයා  ගෙදර යන්න..... මේ ධනු ඔයා අතට මුකුත් දන්නේ නැනේද? මුදු එහෙම .....?" හිතේ අමාරුව පැත්තක තියලා මම ඇහුවා .

"අපෝ නැ චුටි ... මම ආස නැ ...  මට ඕනේ අත්දෙක නිදහසේ තියාගන්න " එහෙම කිවේ එයා

                  ඔලු ගෙඩියට හයියෙන් හෙනයක් වැදුනද කොහෙද? එතකොට අර පින්තුරේ සුලගිල්ලට මුද්දක් දාගෙන ඉන්නේ ඔයා  නෙවෙයිද? කියලා අහන්න එක පාරට මට හිතුනත් උත්තරේට හේතු දාහක් තියන නිසා මම සද්ද නැතුව හිටියා .

"හරි චුටි මම පස්සේ ගන්නම් අයෙත් ..... බායි ..."

"ඔකේ බායි ධනු .... පරිස්සමෙන් " ඒවිදිහට සුබපතලා  මම ආයෙම ඇදට වැටුනා .


                ඒ මිට මස තුනකට කලින් .අද මෙ දැන් මේ මොහොතේ ඔයාගේ කාමරේ මෙසේ ලාච්චුවෙන් ගත්ත පෙට්ටියක් අතේ තියාගෙන මම ඉන්නවා .මුදු දෙකක් ටිෂු කඩදාසියක් ඒකේ හරි පරිස්සමට තැම්පත්කරලා . සමහරවිට අතීත මතකයක් , එහෙමයි මට හිතෙන්නේ .මම වැරදිත් ඇති එත් දැනෙන්නේ එහෙමයි .අවුරුදු හතරක මතකයක් වහන්න පුදුමයක් නැති  මාස හතරකට අමාරුයි .මම ඒක දන්නවා .ඔයා තවම මාව හොයනවා .අතීතය  ප්‍රශ්නකරලා වර්තමානය පුච්චගන්න බැරි නිසා මම ඒ පෙට්ටිය ලච්ච්ව ඇතුලෙම තියලා වහලා දැම්මා .වහපු  ලාච්චුව ලග හිටපු මට හරි තදේට ආදරේ දැනෙන්න ගත්තා ..............









           


4 comments:

  1. කතාව පට්ට.ඔහොම තමා ජීවිතේ. මහමූද වගේ. රැලි එනවා කැලඹෙනවා. වෙලාවකට හිතාගන්න බැරි තරම් සංසුන් වෙනවා.
    ජයවේවා.දිගටම ලියන්න


    අකුරු ගැන සැලකිලිමත් වෙන්න. පුලුවන් තරම් ට්‍රයි කරන්න

    ReplyDelete
  2. පට්ට.... මම කැමතිම කොටස "හිතාගන්නවත් බැරි විදිහට ජිවිතේ වෙරි වෙලා කබරයා දානකොට මෙච්චර හයියෙන් මාව අල්ලගන්න ඔයා වගේ මනුස්සයෙක් ඉදි කියලා කවදාවත් මට හිතුනේ නෑ"

    ReplyDelete
  3. ජීවිතේ මෙහෙමයි....ගොඩක් හිතට දැනුන.....

    ReplyDelete
  4. කමෙන්ට් එකක් දාලා හයියක් උනාට ස්තුති

    ReplyDelete